වෙන හිතකට තුරුලු වෙලා | Wena Hithakata Thurulu Wela

Lyrics

වෙන හිතකට තුරුලු වෙලා හැර යන්නම ඔබ ගියදා
තනියම හිත ඉකි බින්දා ඇසුනාදෝ
හැම මොහොතෙම සිනාවෙලා මා රවටා යන්න ගියා
මේ ආදරේ නොදැනීදෝ මදිවීදෝ

තුන් හිතම ගොළු වෙලා මුළු ලොවම නැති වෙලා
ඔබ සිනාසෙනු බලා සැනසිලා ඉන්නේ මා
නෙතු පියාගන්න බෑ මගේ පෙර මතක මැවෙනවා
ඉගිලිලා යන්න මා සිතින් ඔහු අතේ දැවටිලා

වෙන හිතකට තුරුලු වෙලා…..

හුරු යහනෙ සීතලයි උණු කදුළු විතරමයි
අතීතය පෙම් බරයි වෙන්වුනේ ඔබ තමයි
අත් හැරුනු මතක මාවතේ හිත තවම සැරිසරයි
ඔබ ඇවිත් හැදුව හීනයේ දැන් කදුළු විතරමයි

වෙන හිතකට තුරුලු වෙලා…..

wena hithakata thurulu wela -Athula Adikari

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists