මතකය ඇසුරින් (අම්මා)

Lyrics
මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමි
මට පමණක් ඒ පින නැත්තේ ඇයි නිරතුරු වැළපුනෙමි
අම්මා…
අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි
පැහැදිලි නැති එක චායාවක් ඇත ඒ ඔබ බව දනිමි

ඉස්සර දවසක උදෑසනක ඔබ මා නළවන්න ඇතී
මා හඬනා විට දුක ඉපදී මට ලේ කිරි දෙන්න ඇතී
මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද මුව සිප ගන්න ඇතී
ඔබ යන විට මා කැටුව යන්න නම් අමතක වෙන්න ඇතී
අම්මා…
අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි
පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමි //

Mathakaya Asurin Amma Mom – Indrani Perera

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists