Ma Sewu Angana

මා සෙවු අංගනා | Ma Sewu Angana | Song & Lyrics

Lyrics of Ma Sewu Angana

තහනම් ප්‍රේම ගීයක් දෙසවන් අතර මුමුණනා
ලඳුනේ නුඹට ලං වී ඉන්න බැරි බව තේරුණා
පෙම් දම් කෝම පිරුවත් පේන තෙක් මානයක හිමිවනා
ලකුණක් නොමැත තිබුනේ ඉතින් පසෙකින් හිඳිමි මා

තිස්සෙම නුඹ සිහියට එනා අස්ථිර මතකය ඇවිලුණා
ඉන්නම බැරි තැන හිනැහුනා දුක දැනුනා හද රිදුනා
ඉස්සර මා සෙවු අංගනා අන් සන්තක වී දුර පා වුනා
හුස්මක තෙරපී වේදනා පිට කෙරුනා මං තැවුනා

රැක ගන්න තනිව මා හිත ගත් ඒ පොරොන්දු
නැතුවත් මගේ ළඟින් නුඹ ඇත මට වලංගු
එක් පසෙක වී හිඳන් මම කළ යම් දෙයක් වූ
වේ නම් එයයි ප්‍රේමය නුඹ මට වැරැද්දු

ඉස්සර මා සෙවු අංගනා අන් සන්තක වී දුර පා වුනා
හුස්මක තෙරපී වේදනා පිට කෙරුනා මං තැවුනා

නිදි නේන රෑ පුරා මා පාරවා
ආලෙන් බැඳෙන්න දී තව කාරණා

තිස්සෙම නුඹ සිහියට එනා අස්ථිර මතකය ඇවිලුණා
ඉන්නම බැරි තැන හිනැහුනා දුක දැනුනා හද රිදුනා
ඉස්සර මා සෙවු අංගනා අන් සන්තක වී දුර පා වුනා
හුස්මක තෙරපී වේදනා පිට කෙරුනා මං තැවුනා

Mihiran – Ma Sewu Angana (Thissema Nuba Sihiyata Ena)

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists