Yannam Ma

යන්නම් මා | Yannam Ma

Lyrics of Yannam Ma

ඒ හිනාවන් දැකගන්න බෑ දැන්
මා වෙතින් ගිලිහිලා
මා නිසාවෙන් කදුලැල් මකාලන්
ආයේ හිඳින් හිනැහිලා

කවදාක හෝ දැනෙන්නෙපා
මගෙ ආදරේ රිදෙයි දවා
නුඹ ගාව ඉන්න නැවතිලා
දැන් නම් පමා වැඩිවෙලා

ආදරී යන්නම් මා
ආදරෙන් තුරුලු වෙලා
කාලෙකට කලියෙන් මා
උන් උණුහුම තව විඳලා
ආයෙමත් හමු නොවනා නිසා ඔය රුව නෙතු මත රඳවමි මා
මතකය සමඟම දුර යන්නම් මා

මංමුලා වුන තැන් ඇයි මෙතරම් රිද්දනා
ළංවෙලා ඉන්නට බැරි තැන ඇයි පෙම්සිනා
නික්මිලා යන්නට වන තැනදිම හමුවුනා
හිනැහිලා සමුදෙන්නට කාලය පෙන්නුනා

කවදාක හෝ දැනෙන්නෙපා
මගෙ ආදරේ රිදෙයි දවා
නුඹ ගාව ඉන්න නැවතිලා
දැන් නම් පමා වැඩිවෙලා

ආදරී යන්නම් මා
ආදරෙන් තුරුලු වෙලා
කාලෙකට කලියෙන් මා
උන් උණුහුම තව විඳලා
ආයෙමත් හමු නොවනා නිසා ඔය රුව නෙතු මත රඳවමි මා
මතකය සමඟම දුර යන්නම් මා

Yannam Ma යන්නම් මා ( Ayemath hamu nowana nisa ) – Shanuka Ekanayake

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists