Mathakaye Samaru

මතකයේ සමරු | Mathakaye Samaru

Lyrics of Mathakaye Samaru

නිමා නොවෙනා රිදුම් අතරේ
නුබේ සිනහා තවම ඇසුනේ
කතා නොකලට මතක අස්සේ
තවම ආදරේ බවයි දැනුනේ
හිතා ගන්නට බැරි තරම්
දුකක් දැනුනා පපුවට
ආදරේ අපි විඳි තරම්
කදුලු පිරුණා නොදැනිම

පෑරෙනා හිත කාරනා මැද ආදරේ තිබුණු
සීත රෑ හද ගින්දරක් ලඟ නිවාලූ කදුළු
ජීවිතේ හරි පුදුමයක් වඟ කියාදුන් කරුණු
අවසානයට හිමි ප්‍රේමයේ මතකයේ සමරූ
අවසානයට හිමි ප්‍රේමයේ මතකයේ සමරූ

හිනාවී අපි ගෙවූ හවස් අවසන් වෙලා තිබුණා
නුබේ කදුළැලි මගේ උරහිස මත වැටී තෙමුණා
ඒ දවස් මගේ හිතට වද දී අදත් මා තැවුනා
නුබේ හිත වෙන හිතක් ලඟ නැවතී ඇතිද හිතුනා

පෑරෙනා හිත කාරනා මැද ආදරේ තිබුණු
සීත රෑ හද ගින්දරක් ලඟ නිවාලූ කදුළු
ජීවිතේ හරි පුදුමයක් වඟ කියාදුන් කරුණු
අවසානයට හිමි ප්‍රේමයේ මතකයේ සමරූ
අවසානයට හිමි ප්‍රේමයේ මතකයේ සමරූ

විඩාවූ හිත බර වෙවී උන් ඒ සුසුම් රිදුනා
නිවා ගන්නට මේ ගින්දරෙත් මා නුබව හෙව්වා
අපේ ගැන තව මීට වැඩියෙන් හිතන්නට තිබුණා
මගේ හිත හුරු නුබට මිස තව කෙනෙක් නෑ දැනිලා

පෑරෙනා හිත කාරනා මැද ආදරේ තිබුණු
සීත රෑ හද ගින්දරක් ලඟ නිවාලූ කදුළු
ජීවිතේ හරි පුදුමයක් වඟ කියාදුන් කරුණු
අවසානයට හිමි ප්‍රේමයේ මතකයේ සමරූ
අවසානයට හිමි ප්‍රේමයේ මතකයේ සමරූ

Mathakaye Samaru | මතකයේ සමරු | Shalaka Piyumal

More from RogueOne

Uploaded by
2 followers

1 Comment

🎵 Music Queue Add songs & save playlists