Lyrics of Udam Rala Oba
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ
ගෙන ගියේ ඔබ මුහුදු පතුලට
රැගෙන යායුතු උන් නොවේ
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ
පන අදිද්දී තමන්ගේ උන්
පැළදි කන කර ඉරාගෙන ගිය
පන අදිද්දී තමන්ගේ උන්
පැළදි කන කර ඉරාගෙන ගිය
අරන්තිකයන් ඉතිරි කර වෙන දේ
අහිංසකයන් ගෙන ගියා වතුරේ
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ
වැළපෙනා වෝ සතුන් දන් දුන්
නිදන පැඳුරත් සොරාගෙන ගිය
වැළපෙනා වෝ සතුන් දන් දුන්
නිදන පැඳුරත් සොරාගෙන ගිය
අමනයන් රැළ තබා අප අතරේ
අහිංසකයන් ගෙන ගියා වතුරේ
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ
Udam Rala Oba English Lyrics
Udam rala oba udam viya yuthu nae
Gena giye oba muhudu pathulata
Regena yayuthu un nowe
Udam rala oba udam viya yuthu nae
Pana adiddi thamage un
Peladi kana kara iragena giya
Pana adiddi thamage un
Peladi kana kara iragena giya
Aranthikayan itiri kara vena de
Ahinsakayan gena giya vathure
Udam rala oba udam viya yuthu nae
Velapena wo sathun dan dun
Nidana pendurath soragena giya
Velapena wo sathun dan dun
Nidana pendurath soragena giya
Amanayan rala thaba apa athare
Ahinsakayan gena giya vathure
Udam rala oba udam viya yuthu nae
Artist: Amarasiri Peiris & Wasantha Thilakangani (අමරසිරි පීරිස් සහ වසන්තා තිලකාංගනී)


“උදම් රළ ඔබ” යනු අමරසිරි පීරිස් මහතා ගායනා කරන සංගීත නිර්මාණයක් වන ඉතා ප්‍රසිද්ධ සිංහල ගීතයකි.
මෙම ගීතය 2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනය පසුබිම් කරගෙන නිර්මාණය වී ඇති අතර, එහි පද මගින් එම විනාශකාරී උදම් රළෙහි දරුණු බව සහ ඉන් වූ හානිය පිළිබඳව සංවේදී ලෙස විස්තර කරයි.
තේමාව: සුනාමි ව්‍යසනය, මිනිස් ජීවිත සහ දේපළ විනාශය පිළිබඳ කනගාටුව.මෙම ගීතය ව්‍යසනයකදී ස්වභාවධර්මයේ බලයට අමතරව මිනිසුන් විසින්ම මිනිසුන්ට කරනු ලබන අමානුෂික ක්‍රියා (හිස් දේපළ කොල්ලකෑම වැනි) ගැනද ප්‍රශ්න කරනු ලබයි.