Mata Aye Ona

මට ආයේ ඕනා | Mata Aye Ona | Song & Lyrics

Lyrics of Mata Aye Ona

මුදා ඊයේ වූ සෑමදේ
හදා ආයේ මේ ආදරේ
එදා වාගේ මාගේ අතේ
වෙලී එනවාදෝ

ඉඩෝකාලේ හීනේක සේ
ගෙවී යාවී ස්නේහේ ගගේ
සිනා වාරේ ආයේම ඒ
වෙලී එනවාදෝ

මේ තුන්‍ යාමේ හෘදේ මා සසලෝනා
මා සන්තානේ දෑතේ ගෑවීලා
මේ සංකාවේ ලෝකේ මා අවුලෝනා
මා දැවුනාවේ ප්‍රේමේ නෑවීලා

මට ආයෙ ඕනා
නුඹ ගාව ඉන්නෝනා
කාලේ තැවුල් ප්‍රේමේ නමින්
ආයේ නොවේ කියා

මට ආයෙ නුඹ ඕනා
නුඹ ගාව ඉන්නෝනා
සැතපී ළඟින් සුසුමේ දුරින්
දෑසේ පියන් පියා

සේදිලා යාවී වෙරළේ ලියූ සාත්‍රා
ඒ වගේ සේදී මැකී යනවා දුකේ මාත්‍රා
වේලිලා යාවී කඳුළින් පිරූ නේත්‍රා
ආයෙ පාවේවී හිතේ දියඹේ සිනා යාත්‍රා

මගෙ හදවතේ වේදනා මකා
නුඹගෙ ළමැදේ මා නිදනවා ආලෙන් නිවාරලා

මේ තුන්‍ යාමේ හෘදේ මා සසලෝනා
මා සන්තානේ දෑතේ ගෑවීලා
මේ සංකාවේ ලෝකේ මා අවුලෝනා
මා දැවුනාවේ ප්‍රේමේ නෑවීලා

මට ආයෙ ඕනා
නුඹ ගාව ඉන්නෝනා
කාලේ තැවුල් ප්‍රේමේ නමින්
ආයේ නොවේ කියා
මට ආයෙ නුඹ ඕනා
නුඹ ගාව ඉන්නෝනා
සැතපී ළඟින් සුසුමේ දුරින්
දෑසේ පියන් පියා

Mata Aye Ona – Neera – Raveen Tharuka

More from raccoon

Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists