Hiru Maki Yai

හිරු මැකී යයි | Hiru Maki Yai | Song & Lyrics

Lyrics Of Hiru Maki Yai

හිරු මැකී යයි නීල අහසේ
සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ
යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා
ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ

නෙතු සලා හමුවෙලා
සුසුමකින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා
සුසුමකින් වෙන් වුනා

තුෂර පින්නේ
පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ
ඔහු හදේ රැඳුනේ

තුෂර පින්නේ
පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ
ඔහු හදේ රැඳුනේ

එදා මතකය සිතේ අහුරා
එදා මතකය සිතේ අහුරා
කාටවත් නොපෙනී අඳුරේ
ඉකිබිඳිමි රහසේ

නෙතු සලා හමුවෙලා
සුසුමකින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා
සුසුමකින් වෙන් වුනා

සිනහ කඳුලේ
දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ
නෙත් වැසුනු අඳුරේ

සිනහ කඳුලේ
දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ
නෙත් වැසුනු අඳුරේ

ඈත මීදුම් අතර සඟවා
ඈත මීදුම් අතර සඟවා
යන්න ප්‍රිය ලඳුනේ
හද සුසුම් පවනේ

රැගෙන මා සුභ පැතුම්
හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම්
හද තුටින් යනු මැනේ

හිරු මැකී යයි නීල අහසේ
සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ
යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා
ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ
රැගෙන මා සුභ පැතුම්
හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම්
හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම්
හද තුටින් යනු මැනේ

Hiru Maki Yai – Amila Perera

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists