Hemin Sare Piya Wida
&

හිමින් සැරේ පියා විදා | Hemin Sare Piya Wida | Song & Lyrics

Lyrics of Hemin Sare Piya Wida

හිමින් සැරේ පියා විදා
හිමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

මලක් නම් එය මලක් වුව මැන
සිනිඳු සුකොමල ආ.. රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර ආ.. දියෙන් උපදින

හිමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

නැවුම් වත්සුනු රොනින් මත් වී
සිහින නිම්නය ආ.. සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා ආ.. පවුරු සිරි යහනේ

හිමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

Hemin Sare Piya Wida – T M Jayarathna & Sunila Abeysekara

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists