Parawunu malwala suwanda atheethe

පරවුණු මල්වල සුවඳ අතීතේ

Lyrics of Parawunu Malwala Suwanda Athithe

පරවුණු මල්වල සුවඳ අතීතේ
පර සතු මල් ළඟ විසිර ගියාවේ
දුවගෙ මුවින් එන කැකුළු සිනාවේ
එළිය මැදින් හෙට දවස උදා වේ

අතට වළලු මම කොහෙන් සොයම්දෝ
පයට ගිගිරි මම කොහෙන් සොයම් දෝ
ඉණට හවඩි මම කොහෙන් සොයම් දෝ
දුවට මවක මිස පියකු කොහෙන් දෝ

දාවල ගෙවිලා අඳුර ගලනවා
ඈත ලොවට නිදි දෑස පියෙනවා
හීතල පාළුව හිවුඩු පිපෙනවා
ඒ අතරින් දුව දොරට වඩිනවා

පරවුණු මල්වල සුවඳ අතීතේ
පර සතු මල් ළඟ විසිර ගියාවේ

Para wunu Mal wala Suwada Athithe – Sujatha Aththanayaka attanayaka aththanayake

More from RogueOne

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists