Mathak Wenawa

මතක් වෙනවා

Lyrics of Mathak Wenawa

හමුවුණ දාම හිමිවුණ සේම දැනුනා
සිතිවිලි සෑම සම වුණ සේම හැඟුනා
ඉපදුන හීන
සැනසුම ගේන
හද තුළ රැඳුණා
පෙර භවයේද අප හමුවීල තිබුනා
මතක් නොකලාට මතක් වෙනවා
මතක් වෙනවා
මතක් වෙනවා

හැඟුමින් සිතක් පිරෙනා දෙනුවන් ඔබේ
සැනසුම් සුසුම් හෙළනා සැනසුම් ගෙනේ
සඳ කෙමි දිගේ
සඳ පිනි වැටේ
හදවත පෙමින් පිරෙනා බව මට දැනේ
මතක් නොකලාට මතක් වෙනවා
මතක් වෙනවා
මතක් වෙනවා

උණුසුම් හැඟුම් දැනෙනා නෙතු පිය තෙමේ
හැමදා පෙමින් බැඳිලා අපි ඉමු මෙසේ
මතු මතු භවේ
අපි වෙමු අපේ
නලළත සෙමින් සිඹිනා ඔබෙ සුව දැනේ
මතක් නොකලාට මතක් වෙනවා
මතක් වෙනවා
මතක් වෙනවා

Mathak Wenava – Sashika Nisansala shashika

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists