මා දැන් මහලු වියේ

Lyrics

මහවැස්සක පෙර නිමිති පෙනෙනවා කවුළුව අතරින් හිරිකඩ එනවා
මල් පැණි වඩියක උණුසුම ලබනට යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත
කබාය ඉරිලා ඊට කමක් නැහැ කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ, මා දැන් මහළු වියේ

පාරට බැස්සම නොවැ සීතල වැඩි තනිකම ඊට වැඩියි
සිරිපොද වැස්සේ එකම කුඩය යට තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි මට හොඳහැටි මතකයි

මීවිතකින් ගත උණුසුම් වූවද සිත උණුසුම් වේදෝ
එපා එපා මීවිත මගෙ දෙතොලට එපා එපා මීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනවා, මා ආපසු යනවා
කබාය ඉරිලා ඊට කමක් නැහැ කවුරු බලන්න ද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ //

Ma Dan Mahalu Wiye viye Lyrics – W. D. Amaradewa

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists