Lyrics
දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි
බැදී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩහුන්
ලබැදි සිත්මල් පරව යනවිට
පසක්වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක්මය
සසර මඟ දකිනා
දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි
බැදුණු සෙනෙහස නොවන නිම් හිම්
ඇතද පණනල සමඟ රැකෙමින්
අපේ අත්වැල ළිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යායුතුය ඒ නියත නික්මන
සියලු බැමි සිඳීනා
දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි
Dama yannata nohaki mihimatha – Somathilaka Jayamaha somathilake
1 Comment
Leave a Reply
You must be logged in to post a comment.


දුක සැප දෙකෙහිදීම නිති පතා බැඳී සිටියත්, තනි නොතනියට සෙවණැල්ලක් මෙන් සිටියත්, නිම් හිම් නොවන සෙනෙහසින් බැඳී සිටියත් මේ සියල්ල රැකෙන්නේ ජීවිතය රැඳෙන තුරාවට පමණි. ඒ ලැබැඳි සිත් පරව යන තෙක් (එනම් මරණයට පත්වන තෙක්), පමණකි, එවන් වූ අත්වැල කවදා හෝ ලිහී ගිලිහෙන්නට නියමිතය.