Heena Pena Hama Rekama

හීන පේන හැම රෑකම

Lyrics

හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී
ලේන කුලේ සිට නුබ මට යශෝදරාවකි
නීල නුවන් යුග නොපියා තනි යහනේ සිටි
ආලවන්තකම ළදුනේ පාරමිතාවකී

පේරැස් මුදුවක් පළදන නැකතක් නොයෙදුනේ
මේ වස්දඩු රාවය මැද නුබ සිහිනෙන් පෙනේ
පාලොස්වක සද ඉල්ලා මාසෙ පෝය දිනේ
මේ ඇස් දෙක ළග නාඩන් එතකොට දුක දැනේ

පේළි සැදී දළදා වැද මට හිනැහුන රැයේ
මාලිගාව මගේ වගේ දැනුනා සොදුරියේ
වාවගන්න බැරි තනිකම හිරකර ගෙන ලයේ
ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුබ ගියේ
ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුබ ගියේ
ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුබ ගියේ

Heena Pena hama rekama rakama hina hiena – Harshana Dissanayaka disanayaka

More from raccoon

Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists