Sihina nelum mal pokunu pura

සිහින නෙළුම් මල්

Lyrics

සිහින නෙළුම් මල් පොකුණු පුරා
මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා
මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා
කිරි සුවඳ දේ මුවගේ පවන් සලා

බලා ඉඳින්නම් මා දිව රෑ පුතේ
මගෙ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ
සුළැඟිල්ල පටලා හෙට යං පුතේ
ඇවිදින්නට මා හා මිදුලේ වටේ

අම්මා කියූ නාමේ ම‍ට දුන් පුතේ
රාජිණියකි දැන් මා පුතුගේ පිනින්
හැම මව්වරුන් සේ අම්මා නුඹේ
සතුටින් හිඳිමි පිහිනා පුතුගේ නමින්

පුතු දකින උදයේ හැමදාම දැං
නව දවසකි මට නම් දෙන වාසනා
හිරු සඳු දවල් රෑ මට පායනා
පුතු මිස වෙනින් කව්දෝ සුරතල් පුතේ

සිහින නෙළුම් මල් පොකුණු පුරා
මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා
මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා
කිරි සුවඳ දේ මුවගේ පවන් සලා

Sihina nelum mal – Mariazelle Gunthilake mariyasel mariasel

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists