Adara sinuwa

ආදර සීනුව

Lyrics

ආදර සීනුව පෙම්ලොව දොර ළඟ රැව් දෙන්නේ
ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ
ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ
මේ ආදරයට යා හැකි දුර නෑ මා දන්නේ //

කාගේ වේවා ලේ එක වාගේ දිස් වන්නේ
අහසයි මුහුදයි ළං වී දෙනුවන් රවටන්නේ
ආලය මායා සිහිනය වේදෝ නැහැ දන්නේ
කාලය විසඳුම් දෙනතුරු ඉන්නද සිදුවන්නේ

ආදර සීනුව පෙම්ලොව දොර ළඟ

සංසාරේ හුරු සුවඳයි මට ඈ ගෙන එන්නේ
මාගේ දුප්පත් කමටයි ලොව එදිරිව ඉන්නේ
ජය ටැඹ පෙනුනත් ජය හිමි වේදෝ නැහැ දන්නේ
යා යුතු මාවත කොයි අත වේදෝ නෑ දන්නේ

ආදර සීනුව පෙම්ලොව දොර ළඟ … //

Aadara adara Seenuwa sinuwa sinuva -Greshan Ananda

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists