Koula kohedo

කොවුලා කොහෙදෝ

Lyrics

කොවුලා කොහෙදෝ ගොලු වී ගියාදෝ
සරදම් ලබා දෛවයේ
මිතුරා කොහේදෝ වෙන් වී ගියාදෝ
ඉරණම් ලෙසේ ජීවිතේ //
ඉරණම් ලෙසේ ජීවිතේ

සුර දූතයන් හෝ සුර දූතියන් හෝ
අපටත් වඩා මිතුරු වීදෝ
මෙලෙසින් අකා‍ලේ මෙලොවින් මිදීලා
සිතුවේ සොයා යන්න සුර ලෝ
සිතුවේ සොයා යන්න සුර ලෝ

කොවුලා කොහෙදෝ ගොලු වී ගියාදෝ
සරදම් ලබා දෛවයේ
මිතුරා කොහේදෝ වෙන් වී ගියාදෝ
ඉරණම් ලෙසේ ජීවිතේ //
ඉරණම් ලෙසේ ජීවිතේ

ප්‍රිය සාද යාමේ සුමිතුරු සමාගම්
නිමවා ගියත් මෙලෙස වෙන් වී
දුර ඈත අහසේ තරුවක් විලාසෙන්
මතු වී බලා අපගෙ ලෝකේ
සෝ ගීතිකාවෝ මගේ
අසනු මැනේ මාගෙ මිතුරේ

සෝ ගීතිකාවෝ මගේ
අසනු මැනේ මාගෙ මිතුරේ

Kowla kovla koula Kohedoo – Greshan Ananda ග්‍රේෂන් ආනන්ද greteion gretion

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists