නන්දනීය පෙම

Lyrics

නන්දනීය පෙම සැඩරළු
දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර

නුඹ හරස් වෙලා //

කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා
අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා

නන්දනීය පෙම …

ලන්ද වන පෙතේ කෝකිල ගැයුම ‍ගොළුවෙලා
මන්දහාසයෙන් පිපි මුව මඩල මැලවිලා
දැන්ද සුව ගෙනේ විදි සුව හදට ලංවෙලා
සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා
සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා

නන්දනීය පෙම … //

Nandaneeya nandaniya Pema- Senanayaka Weraliyadda සේනානායක වේරලියද්ද

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists