Lyrics
නිල් සඳ පවා මල් මත නිදා
සන්සුන් ලෙසින් ඈ දෙස බලා
සල්පිල් නුරා හැරදා නුඹ සොයා
සන්සාරයේ සැරිසරා
මට මා දැනුනේ ඔබ නිසා
සඳ රෑ නැගුනේ ඔබ නිසා
යලි මා ආවේ නුඹ නිසා
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා
සඳට ලංවී නුඹට හුරුවේ හිතට නතුවී
බවයෙ හමුවී එකට දුක්වී
තවත් ලංවී ආවේ දැන්
ඔබ හදුනනා මා හදුනනා
ප්‍රේමය නිසා අප හමුවුණා
අහසින් පවා පෙම ගිලිහෙනා
දවසක් සොයා අපි ඉවසුවා
මට මා දැනුනේ ඔබ නිසා
සඳ රෑ නැගුනේ ඔබ නිසා
යලි මා ආවේ නුඹ නිසා
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා
Oba Nisa නුබ – Dinesh Gamage

