වහින්නට හැකි නම්

Lyrics

වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැළක රහසින්

රැදෙන්නට හැකිනම් ළමා කැළ
හඬන දෙතොළඟ සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුරින් තුර
නෙළා ගත හැකි වන මලක් වී

වහින්නට හැකිනම් …

නිදන්නට හැකිනම් දෙනෙත් තුළ
සබෑවන සුභ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පූබුදන ගීතයක් වී

වහින්නට හැකිනම් …

Wahinnata vahinnata Hakinam – Nanda Malani

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists