මහ වරුසාවට පසුව නැගෙන සඳ | Maha Warusawata Pasuwa | Song & Lyrics

Lyrics of Maha Warusawata Pasuwa Nagena Sanda

මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි //

ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳි සොදුරු සෙනේ
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතැවේ

මහ වරුසාවට…..

ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවඳයි
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස හද උතුරයි

මහ වරුසාවට…..

Maha warusawata varusawata – Somathilaka Jayamaha

More from elon

Featured on

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists