සූසැට බරණින්

Lyrics

සූසැට බරණින් සැරසීලා
නා කපනා වැහි වැටෙන වෙලේ
විසාකා තුමෝ පැමිණි විලාසෙන්
මට එන්නට බෑ නිසංසලේ //

පමා වූණෝතින් මන්දාරම් යකු
පලාපු දර ටික තෙමා දමාවී
පමා වූණෝතින් රත්තියි පැටියයි
ඕවිට අයිනේ තෙමී නැහේවී

සූසැට බරණින් සැරසීලා…..

පමා වුණොත් දොළ දෙගොඩ තලාලා
ඒදඬු මංකඩ අගුලු දමාවී
එහෙම වූණෝතින් උපුලියි චූටියි
කදුළු වතුර බී බලා ඉඳිවී

සූසැට බරණින් සැරසීලා…..//

susata baranin saraseela-Neela Wickramasinghe

More from elon

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists