කවිය ඔබ

Lyrics

කවිය ඔබ තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ කවිය ඔබ කවිය ඔබ

පද එකින් එක ලියවා සිත කුරුටු ගා මැකුවා
ඔබ ලියූ කවි කියවා මං අසරණව උන්නා, යෞවනේ…
තනිකමක් දැනෙනා මොහොතක සිත ඉකි ගසා හැඩුවා
කවිය ඔබ …..

හොර ඇහින් ඉගි කරලා සද මගෙන් සමු ගත්තා
කවිපොතම පොඩි කරදා නිදියන්න මට හිතුනා, යෞවනේ…
අත ලහින් හිදිනා මොහොතක දුර ඈත බව දැනුනා
කවිය ඔබ …..

Music – Rohana Weerasingha, Lyrics – Sunil R Gamage

Kaviya Oba Thun This Payak – Deepika Priyadarshani

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists