බොරළු ඇනෙන

Lyrics

බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න
ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න
මහත්වරුනි බදුලු ඔයෙන් කිරි කඳුළක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලිමල් කඳුළු වතුර පොදක් බොන්න

කැලේ ගිහින් නිදි වැරුවා// කැපුන සඳුන් දණ්ඩ දනී
ඒ සඳුනෙන් හිත තැවරූ සුවඳ පවා සිහින වැනී
අඳුරට දුක එකතු වෙලා// නින්ද බිදුණු පැලට වඩී
අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී

රෑන ගිරව් කටුසු කොබෙයි// උරග නාග සපුණි වනේ
නුඹට වගේමයි අපටත් දුක් පීඩා විඩා දැනේ
කඳු ඉස්මත්තෙන් පාවී// වැගිරෙන දුන්හිඳ හීනේ
පුංචි එවුන්ටයි ලස්සන කිරිගරුඩෙන් කවිය වුණේ

බොරළු ඇනෙන…..

Boralu Anena enena – Deepika Priyadarshani

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists