Lyrics of Sudu Kamisa Ura Thalaya
සුදු කමිස උර තලය මත කදුලු වැටුනාද
අපේ අන්තිම හමුව බව ඔබ දැනන් සිටියාද
සම්මතෙන් පිට රහසේ ප්‍රේමයක බැදුනාද
ඔබ එතන සැනසෙද්දි මා මතක් නොවුනාද
කදලු බර වැඩි මතක පෝලිමේ
ඔබත් එක්කම මමත් ආවා
දරාගෙන හැම මතකයම මම
ඔබට සමුදී යන්න ආවා
ඉතින් අවසන් වරට මා රැදි පුරුදු උරහිස දෙන්න
ඔබේ හදවත බදාගෙන මට හඩන්නට ඉඩ දෙන්න
ආයෙමත් අපි මේ අහස යට එපා යලි හමුවෙන්න
ඉතින් එහෙනම් මැණික වෙලාව හරි මට යන්න
කදුලු බිංදුව බිංදුව
කලක් තිස්සෙම වැටුණා
හීන ඉහිරී බොදවී
හිත කඩාගෙන වැටුණා
ඔබට පෙම්කල හින්දාම
නිතර නිතරම ගැටුණා
ඉතින් අවසන් වරට මා රැදි පුරුදු උරහිස දෙන්න
ඔබේ හදවත බදාගෙන මට හඩන්නට ඉඩ දෙන්න
ආයෙමත් අපි මේ අහස යට එපා යලි හමුවෙන්න
ඉතින් එහෙනම් මැණික වෙලාව හරි මට යන්න
Sudu Kamisa Ura Thalaya urathalaya ( සුදු කමිස උර තලය) Nirosha Virajini Ft Dilan Gamage


Comment