Mala Kothana Pipunama

මල කොතැන පිපුනම | Mala Kothana Pipunama | Song & Lyrics

Lyrics of Mala kothana pipunama

මල කොතැන පිපුණම මොකද
පිපුණ වග මල දන්නවා
ගඟ කොතැන ගැලුවම මොකද
ගලන වග ගඟ දන්නවා
සඳ කොතැන දිළුනම මොකද
දිළෙන වග සඳ දන්නවා
නුඹ කොතැන සිටියම මොකද
නුඹ ඉන්න බව මං දන්නවා

විලේ ලස්සන තවත් විල් දියෙ
මලත් පිපුණොත් තමා
දොළේ ලස්සන තවත් දොළ දියෙ
පෙණත් නැගුණොත් තමා
ස‍ඳේ ලස්සන තවත් සඳ දියෙ
තරුත් දිළුනොත් තමා
නුඹේ ලස්සන තවත් නුඹෙ සිතෙ
මාත් සිටියොත් තමා

මල කොතැන පිපුණම මොකද..

ගඟ කොතැන ගැලුවම මොකද..

සඳ කොතැන දිළුනම මොකද..

නුඹ කොතැන සිටියම මොකද..

මල කොතැන පිපුණම මොකද
පිපුණ වග මල දන්නවා
ගඟ කොතැන ගැලුවම මොකද
ගලන වග ගඟ දන්නවා
සඳ කොතැන දිළුනම මොකද
දිළෙන වග සඳ දන්නවා
නුඹ කොතැන සිටියම මොකද
නුඹ ඉන්න බව මං දන්නවා

Mala kotana pipunama – Deepika Priyadarshani

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists