Sith Ahasa

සිත් අහස පිරිවරා

Lyrics of Sith Ahasa Piriwara

සිත් අහස පිරිවරා
තාරුකා මල් පිපෙනවා දිලෙනවා
ලොවම පීරා
වලා යහනට මගේ සඳ වඩිනවා

විල් තෙරම කැලඹිලා
පැතුම් මල් පිපෙනවා
හැඟුම් දිය පිරෙනවා
උන්මාද වූ ආදරේ
මට දැනෙනවා දැනෙනවා

විසකුරුම යැයි සිතූ ලෝකේ
විසිතුරුම බැව් දැනෙනවා
අඳුරුමැයි දැනුණු හැමදේ
සොඳුරුමැයි හැඟෙනවා
ඔබ තුරුල්ලේ කඳුලූ ලතැවුල්
ඇසිල්ලෙන් නිමෙනවා
ආදරෙන් මා ජීවිතේ දොවනවා

හිම මිදෙන සීතලේ ඔබ
උණුසුමක් ගෙනෙනවා
හිරු දවන කාෂ්ටකේ මා
සිසිලසෙන් තෙමනවා
ළමැද යහනේ උණුසුමින් මා
නිදනවා නිදනවා
ඔබේ සෙවනේ මගේ සිත නිවෙනවා

සිත් අහස පිරි වරා
තාරුකා මල් පිපෙනවා දිලෙනවා
ලොවම පීරා
වලා යහනට මගේ සඳ වඩිනවා
විල් තෙරම කැලඹිලා
පැතුම් මල් පිපෙනවා
හැඟුම් දිය පිරෙනවා
සංසාරගත ප්‍රේමයෙන්
මා බැඳෙනවා වෙලෙනවා
උන්මාද වූ ආදරේ
මට දැනෙනවා දැනෙනවා

Sith Ahasa Pirivara – Sashika Nisansala shashika

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists