Balikawiyan

බාලිකාවියන්‌

Lyrics of Balikawiyan

බාලිකාවියන්‌ තක්සලා දොරෙන්‌
ඉස්සිලා හොරෙන්‌ බලාවි ගස්සලා නුවන්‌
යන්තරේ හඬින්‌ මන්තරේ දුමින්‌
රාවණා ඇවිත්‌ හිඳීවි සෙයිලමේ ඉඳන්‌

ලියා මුතු වදන්‌ යොමා සුවඳ පැන්‌
එවා දූතයන්‌ කරමත මහා පෙම්‌ හසුන්‌
මවා බො‍රු වදන්‌ ගෙනා අවසරෙන්‌
මිදී කූඩුවෙන්‌ ඉගිලෙති ස්වර්ණමාලියන්‌

බාලිකාවියන්‌ තක්සලා දොරෙන්‌
ඉස්සිලා හොරෙන්‌ බලාවි ගස්සලා නුවන්‌
යන්තරේ හඬින්‌ මන්තරේ දුමින්‌
රාවණා ඇවිත්‌ හිඳීවි සෙයිලමේ ඉඳන්‌

උත්පලාවියන්‌ බාල බොළඳියන්‌
මත්වෙලා පෙමින්‌ දෙනුවන්‌ පෙම්බරා ළඟින්‌
මල්‌ වැටෙන්‌ එහා රඟහලින්‌ මෙහා
සිනා පාරුවෙන්‌ කොතැනද රංගනේ රැඟුම්

බාලිකාවියන්‌ තක්සලා දොරෙන්‌
ඉස්සිලා හොරෙන්‌ බලාවි ගස්සලා නුවන්‌
යන්තරේ හඬින්‌ මන්තරේ දුමින්‌
රාවණා ඇවිත්‌ හිඳීවි සෙයිලමේ ඉඳන්

Balikaviyan balika viyan- Janaka Wickramasingha ජානක වික්‍රමසිංහ

‌

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists