Sith Aranyaye

සිත් ආරණ්‍යයේ

Lyrics

දෝතින් දරා මල් පුජාසනයේ
දැහැමින් රැදෙන්නම් රූ ආලින්දයේ
පායා ඇවිදින් සිහින ඍතුවේ
මා හට ඉඩ දෙන්න හිත් ආරණ්‍යයේ
පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ

නුඹ සොයනා හිරු එළිය අද මා සතුයි
මා සොයනා නෙත් දැහැල නුඹ රූ සතුයි
රොන් සොයනා බඹරෙකු නොව අද මට තනිකම හුරුයි
පෙම් කරනා විට මහද සෙනෙහස ගොළුයි

පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න සිත් ආරණ්‍යයේ
මා හට ඉඩ දෙන්න සිත් ආරණ්‍යයේ

පාවී ඇදී එයි සුසුම් සුවඳ ඔබේ
ආශා හැඟුමන් දැනෙනා වස්සානයේ
පිය මැන එන්නම් සොයමින් ඔබේ තුරු සෙවණේ රැඳි
මග එළි කරනා සඳකැල්ම ඔබ වේ සොඳුරේ

පායා ඇවිදින් සිහින ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ

Sith Aaranyaye Aranyaye – Bachi Susan

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists