Kohe Ho Oba

කොහේ හෝ ඔබ

Lyrics

කොහේ හෝ ඔබ හිඳීනම් සතුටින්
කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්
මේ විසල් මිහිතලයේ
එය මගේ පැතුමයි මගේ සතුටයි
//

වලා ගැඹරෙහි සැඟව ගිය සඳ සේ
ලිහී දෙනෙතින් නුහුරු දුරු පියසේ
වලා ගැඹරෙහි සැඟව ගිය සඳ සේ
ලිහී දෙනෙතින් නුහුරු දුරු පියසේ
ගියද ඔබගේ එළිය නොනිවේ මැයි
පහස නොමැකේ මැයි

කොහේ හෝ ඔබ හිඳීනම් සතුටින්
කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්
මේ විසල් මිහිතලයේ
එය මගේ පැතුමයි මගේ සතුටයි

වනේ වදුලෙහි ගලන දියවැල සේ
නුවන් දෝතින් වැළඳගමි කෙලෙසේ
වනේ වදුලෙහි ගලන දියවැල සේ
නුවන් දෝතින් වැළඳගමි කෙලෙසේ
නමුදු ඔබගේ සිසිල නො‍නැසේ මැයි
සුවඳ නොසිඳේ මැයි

කොහේ හෝ ඔබ හිඳීනම් සතුටින්
කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්
මේ විසල් මිහිතලයේ
එය මගේ පැතුමයි මගේ සතුටයි

Kohe Ho Oba hidinam sathutin – Janaka Wickramasinghe wickramasingha wikramasinga

More from raccoon

Uploaded by
6 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists