ඔබ ඇසිපිය ලන

Lyrics

ඔබ ඇසිපිය ලන හැම වාරේ
හිනැහේ හද මල යලි පිපිදී
ආදර පින්නේ නහවනු නිබදේ
පුද දෙන්න සෙනෙහෙ විකසිත වේවි //

ලා හිරු දහසක් පෑයූවානම්
අප රජ දහනේ එළිය ගෙනෙන්නයි
සිහිලස දී ඔබ සෙවනේ
සෝක තාප ඈත පාවුනා

ඔබ ඇසිපිය ලන හැම වාරේ…..

තනියක් නොදැනේ ඔබ මා ළඟ නම්
කිරුළු දරයි පෙම් සිංහාසනයේ
ලොව හමුවේ මුහුණ දෙමී
මා හදේ නැවුම් පැතුම් මවා

ඔබ ඇසිපිය ලන හැම වාරේ…..

oba asipiya lana hama hema ware vare -Niranjala Sarojini

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists