Me Hitha Thaniyen

මේ හිත තනියෙන්

Lyrics of Me Hitha Thaniyen

මේ හිත තනියෙන්
නුඹ එනකන්
හිටිය තරම්
නෑ මං දන්නා
වෙන කවුරුත්, නුඹව තරම්
ආදරයෙන් එදා ඉඳන්

කඳුළක් ළඟ නැවතුන ඇහිපිය
දුරකට යවමින්
හුස්මත් මට අමතක කරවන
මතකය හොයමින්
ආයේ හීනේ මැද්දෙන්
ජීවිතේ අලුතෙන් ලියන තරම්

වරුවක් ළඟ මුමුණන ඔය හිත
මගෙමද හිතමින්
තනියක් නැති දවසක් එනකන්
තව මඟ බලමින්
ආයේ හීනේ මැද්දෙන්
ආදරේ අමුණා තියෙන තරම්

මේ හිත තනියෙන්
නුඹ එනකන්
හිටිය තරම්
නෑ මං දන්නා
වෙන කවුරුත්, නුඹව තරම්
ආදරයෙන් එදා ඉඳන්
ආදරයෙන් එදා ඉඳන්
ආදරයෙන්…

Me Hitha Thaniyen – Athma Liyanage

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists